Beauty
පුංචි ගාණකින් හැඩ වැඩ වෙන්නකෝ . . .
රුව ලස්සන කරගන්න සම පැහැපත් කරගන්න උනන්දුවන වැඩි දෙනෙක් සිතන්නේ අපට නිතර දකින්නට අසන්නට ලැබෙන එක එක විදිහේ ආලේපන අවශ්‍ය බවයි. නමුත් ඔය හැටි වියදම් නොකර ඔබේ රුව ලස්සන කරගත හැකි ආලේපන ඔබට ගෙදරදීම සකසා ගන්නට පුළුවන්.
ඒ ස්වාභාවික දේවල්වලින්. වියදමකුත් නෑ. සමට අහිතකරත් නෑ. රසායනික දේ මිශ්‍ර වෙලත් නෑ. ලේසියෙන්ම ලස්සන වෙන්න පුළුවන්.
අපි සූදානම් වෙන්නේ ඇත්තටම ඔබට ලස්සන වෙන්න පුළුවන් ආලේපන ගැන කියන්නටයි.
සම පැහැපත් කරගැනීමේදී සම පිරිසුදු කරගැනීම හරිම වැදගත්. අප ක්ලෙන්සර් පාවිච්චි කරන්නේ සම පිරිසුදුකර ගන්නටයි. ඒ සඳහා මෙන්න ඔබටම සකසාගත හැකි ක්ලෙන්සර් එකක්.
* පිපිඤ්ඤා යුෂ සමඟ කිරි ස්වල්පයක් මිශ්‍රකර සමේ තවරා පසුව සෝදා හරින්න. වියළි සමකට නම් මෙය ඉතාම යෝග්‍යයි.
* අයිස් වතුර කෝප්ප 1/2 කට ලෙමන් යුෂ බිංදු 8
(under the courtesy of goodhousekeeping.lk web)